වසරේ දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය බෙන් ස්ටෝක්ස්ට

(කොළඹ, ලංකාපුවත්) –එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියවුවෙන් දක්ෂතා දක්වන ක්‍රීඩක බෙන් ස්ටෝක්ස් (Ben Stokes) 2019 වසරේ දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස තේරී පත් වී තිබේ.

ඔහු එසේ ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් සම්මානයෙන් පිදුම් ලබන්නේ අයිසීසී ජගත් ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන වසරේ දක්ෂතම ක්‍රීඩකයන්ට වාර්ෂික සම්මාන පිදෙන උළෙලේදීය.

වසරේ දක්ෂතම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ඕස්ට්‍රේලියා කණ්ඩායමේ පන්දු යවන ක්‍රීඩක පැට් කමින්ස් (Pat Cummins) සම්මාන ලබන අතර, දක්ෂතම එක් දින ක්‍රීඩකයා ලෙස තේරී තිබෙන්නේ ඉන්දීය කණ්ඩායමේ ප්‍රහාරාත්මක පිතිකරු රෝහිත් ශර්මාය. (Rohit Sharma)

ඉන්දීය කණ්ඩායමේ දීපක් චහාර් (Deepak Chahar) වසරේ දක්ෂතම විස්සයි විස්ස ක්‍රීඩකයාය.

ඕස්ට්‍රේලියා කණ්ඩායමේ මානුස් ලබුශේන් (Marnus Labuschagne) පසුගිය වසරේ දක්ෂතම නැගී එන ක්‍රීඩකයා ලෙස සම්මාන ලබා ගත්තේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *