ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව අද රැස්වෙයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද (16) රාත්‍රී 07.00ට රැස්විමට නියමිතය.

ඒ පක්ෂ නායක, මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ මූලස්ථානයේදීය. පක්ෂයේ ඉදිරි කටයුතු පිළිබඳව මෙහිදී වැඩි අවධානයක් යොමු කෙරෙනු ඇති බව වාර්තා වේ.

එසේම පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු , කාන්තා හා තරුණ සම්මේලනය පිළිබඳව මෙහිදී වැඩි අවධානයක් යොමු කෙරෙන බවත් පක්ෂය තුළ සිදු කරනු ලැබු විනය පරීක්ෂණවල ප්‍රගතිය ද මෙහිදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවන බවත් වැඩිදුරටත් වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *