සංචාරක ක්ෂේත‍්‍රයේ සංවර්ධනයට කොරියාවේ සහ කැනඩාවේ සහය

(කොළඹ, ලංකාපුවත්) – සංචාරක කර්මාන්තයේ ප‍්‍රවර්ධනයට කොරියානු සහය ලබා දිමට එකඟත්වය පළකර තිබේ.

ඇමරිකා ඩොලර් මිලියන දහයක ප‍්‍රදානයක් ශ්‍රී‍්‍ර ලංකාවට ලබාදෙන බව කොරියානු තානාපති හියොන් ලි මහතා ප‍්‍රකාශ කළේය. ඒ අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මහතා සමඟ සාකච්ඡාවකට එක්වෙමිනි. කුච්චවේලි සංචාරක කළාපය , ඇටන්වල ප‍්‍රජා සත්කාරක සංචාරක ගම්මානය ද සංවර්ධනය කිරිම සැලසුම වේ.

මේ අතර සංචාරක සහ හෝටල් ක්ෂේත‍්‍රයේ උසස් අධ්‍යාපනය සදහා ශ්‍රී‍්‍ර ලංකාව සහ කැනඩාව අතර ඒකාබද්ධ වැඩසටහනක් කි‍්‍රයාවට නැංවිමට ද සැලසුම් කර තිබේ. කැනඩා මහ කොමසාරිස් ඩේවිඩ් මැකිනන් මහතා සහ අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මහතා ඒ සම්බන්ධයෙන් ද්විපාර්ශ්වික සාකච්ඡා සිදුකළහ.

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් ද එහිදි අවධානය යොමුවිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *