කහටගස්දිගිලියේ මාරක රිය අනතුරක්

(කොළඹ, ලංකාපුවත්) –කහටගහස්දිගිලිය පොලිස් වසමේ පුත්තලම – ත්‍රිකුණාමලය මාර්ගයේ රන්පත්විල ප්‍රදේශයේ සිදු වු රිය අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.

අනතුරින් බරපතල තුවාල ලැබු කාන්තාවක් හා දැරියක් කහටගස්දිගිලිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු අනුරාධපුර රෝහලට මාරු කර යවා තිබේ.

ඊයේ(16) රාත්‍රී 7.35 ට පමණ මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය සදහන් කරයි.

අනුරාධපුර දෙසට ධාවනය වු ජිප් රථයේ ඉදිරියෙන් පැමිණි යතුරු පැදිය මුහුණට මුහුණ ගැටී අනතුර සිදුව ඇත.අනතුරින් බරපතළ තුවාල ලැබු යතුරු පැදිකරු, පසු පැදිකාරිය හා දැරියක් කහටගස්දිගිලිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව පැදිකරු මියගොස් තිබේ. මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 35ක් වූ කහටගස්දිගිලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෙම අනතුරට සම්බන්ධ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු පොලිස් ආරක්‍ෂාව යටතේ අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

කහටගස්දිගිලිය පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

fifteen − 5 =