ට්‍රම්ප්ට එරෙහි දෝශාභියෝග නඩු විභාගය 21වනදා ඇරඹෙයි

(කොළඹ, ලංකාපුවත්) – අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි දෝශාභියෝග නඩු විභාගය ලබන 21 වනදා ආරම්භ කිරීමට තීරණය කර තිබේ

අමෙරිකා ජනාධිපතිවරයාට එරෙහි දෝෂාභියෝග නඩු විභාගය සඳහා අමෙරිකා සෙනෙට් සභාවේ නීති සම්පාදකයින් සිය දෙනෙකු අපක්ෂපාතීව යුක්තිය ඉටු කිරීම සඳහා ඊයේ දිවුරුම් දෙනු ලැබීය. නියෝජිත මන්ත්‍රි මණ්ඩලය ඉදිරිපත් කරන ලද චෝදනා සම්බන්ධයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ධුරයෙන් ඉවත්කළ යුතු ද යන්න ඉදිරි සති වලදී සෙනෙට් සභිකයින් තීරණය කරනු ඇත.

මෙම දෝශාභියෝගය ඉදිරිපත් වූයේ අමෙරිකා ජනාධිපතිවරයා යුක්රේනය සමඟ එරට ඩිමොක්‍රොටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයාට එරෙහිව කටයුතු කිරීම සම්බන්ධයෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

thirteen − 2 =