පොප් ගායක ජස්ටින් බීබර්ට දරුණු වෛරස් ආසාදනයක්

(කොළඹ, ලංකාපුවත්) – තමා ලයිම් රෝගයෙන් පෙළෙන බව කැනේඩියානු පොප් ගායක ජස්ටින් බීබර් සිය ඉන්ස්ටග්‍රෑම් පිටුවේ සටහනක් තබමින් සදහන් කර ඇත.

මේවන විට 25වන වියෙහි පසුවන ඔහු පවසා ඇත්තේ තමා දරුණු වෛරස් ආසාදනයකින් ද පෙළෙන බවයි.

ලයිම් රෝගය ඇතිවන්නේ සමහර කිනිතුල්ලන් විසින් ගෙන යන බැක්ටීරියාවන් නිසාය.

මේ පිළිබඳ වැඩිදුර විස්තර ඉදිරියේදී සිය ජීවිතය පිළිබඳව නිර්මාණය වන යූටියුබ් වීඩියෝ එකතුවෙන් දැනගත හැකි බවත් සිය රෝගී තත්ත්වයට නිසි ප්‍රතිකාර සිදුකරන බවත් ජස්ටින් බීබර් සදහන් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eighteen − 15 =