“සුනාමී” ජාත්‍යන්තර සම්මානයට පාත්‍රවෙයි

(කොළඹ, ලංකාපුවත්) –භුතානයේ පැවති DRUK International Film Festiva අන්තර් ජාතික සිනමා සම්මාන උලෙලේදී “සුනාමි” චිත්‍රපටය හොඳම විචාරක සම්මානය දිනාගනී.

එසේම එම සිනමා සම්මාන උළෙලේ දී ම,
හොදම සිනමා අධ්‍යක්ෂණය (ආචර්ය සෝමරත්න දිසානායක)
හොදම නිළිය (නිරංජනී ශන්මුගරාජා )
හොදම සිනමා කැමරා අධ්‍යක්ෂණය ට( විශ්ව බාලසූරිය ) හිමි, සම්මානයෙන් ද සුනාමි චිත්‍රපටය පිදුම් ලැබී ය.

ආචාර්ය සෝමරත්න දිසානායක අධ්‍යක්ෂණය කළ රේණුකා බාලසුරිය නිෂ්පාදනය කළ අලුත්ම චිත්‍රපටය “සුනාමි” ඊයේ (16) සිට දිවයින පුරා සිනමාහල් වලදී තිරගත කිරීම ඇරඹුනි.

යළිත් ප්‍රේක්ෂකයින් සිනමාහලට කැඳවාගැනීම තමන්ගේ අරමුණ බව මෙහි නිෂ්පාදිකා රේණුකා බාලසූරිය මහත්මිය පැවසුවාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

one × 3 =