ඉන්දියාව සබ්මැරීන බැලැස්ටික් මිසයිලයක් අත්හදා බලයි

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දියාව ආන්ද්‍ර ප්‍රදේශයේ මුහුදේදී කේ 4 සබ්මැරීන බැලැස්ටික් මිසයිලයක් සාර්ථකව අත්හදා බැලූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

ඊයේ දිවා කාලයේ දී මෙම අත්හදා බැලීම සිදු කර ඇති බව සදහන් වේ.

එම මිසයිලයට කිලෝමීටර් 3500 ක් දුරකට ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව පවති.

ඉන්දීය ආරක්ෂක පර්යේෂණ හා සංවර්ධන සංවිධානය මගින් මෙම මිසයිලය අත්හදා බලා තිබේ.

එය ඉන්දියාව විසින් වැඩිදියුණු කළ සබ්මැරීන මිසයිල දෙකෙන් එකක් බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *