කෑගල්ලේ රිය අනතුරකින් දෙදෙනෙක් ජීවිතක්‍ෂයට

(කොළඹ, ලංකාපුවත්) –කෑගල්ල පොලිස් වසමේ කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ ගලිගමුව පාසල අසලදී බස් රථයක් සහ ත්‍රීරෝද රථයක් ගැටීමෙන් කාන්තාවක් හා පිරිමි පුද්ගලයෙක් ජීවිතක්‍ෂයට පත්ව ඇත.

මෙම අනතුර සිදුව ඇත්තේ අද(20) අළුයම 05.30ට පමණය.

මහනුවර දෙසට ධාවනය වූ ත්‍රිරෝද රථයක රියදුරුට නින්ද යාම හේතුවෙන් කොළඹ දෙසට ධාවනය වූ ලංගම බස් රථයක මුහුණට මුහුණලා ගැටීමෙන් අනතුර සිදුව ඇතැයි පොලිසිය පවසයි.

අනතුරින් ත්‍රිරෝද රථයේ රියදුරු හා පිටුපස ගමන්කළ කාන්තාවක් සහ තවත් පිරිමි පුද්ගලයකු බරපතල තුවාල ලබා කෑගල්ල රෝහලට ඇතුලත් කිරීමේ දී පිටුපස ගමන්කළ දෙදෙනා මිය ගොස් ඇත. අනතුර සම්බන්ධයෙන් බස්රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.

කෑගල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

1 × three =