පෙබරවාරි 02දා සිට දෙනුවර මැණිකේ දිනපතා ගමනේ

(කොළඹ, ලංකාපුවත්) –කොළඹ කොටුව සහ බදුල්ල අතර දිනක් හැර දිනක් ධාවනය කෙරෙන දෙනුවර මැණිකේ දුම්රිය පෙබරවාරි මස 2 දා සිට දිනපතා ධාවනයේ යෙදවීමට දුම්රිය දෙපාර්තුමේන්තුව සැලසුම් කර තිබේ.

කොළඹ කොටුවෙන් පෙරවරු 6.45ට ගමන් ආරම්භ කරන මෙම දුම්රිය පස්වරු 3.27ට බදුල්ලට ළඟාවීමට නියමිතය. බදුල්ලෙන් පෙරවරු 7.30 ට පිටත්වන දුම්රිය කොළඹ කොටුවට ළඟාවීමට නියමිතයව ඇත්තේ පස්වරු 4ටය.

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා පෙරේදා (18) දෙනුවර මැණිකේ දුම්රිය ගමන් ගත් අවස්ථාවේ එහි අඩුපාඩු සොයා බැලීමේ අරමුණින් දුම්රිය ගමනට එක්වූ දුම්රිය සේවා රාජ්‍යය අමාත්‍ය සී.බී. රත්නායක මහතා හැටන් දුම්රිය ස්ථානයේ දී මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් මෙම තොරතුරු අනාවරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

1 × two =