සෑම අමාත්‍යංශයක් සඳහාම වෘත්තීය සමිති ලේකම්වරයෙක්

(කොළඹ, ලංකාපුවත්) –රජය විසින් සෑම අමාත්‍යංශයටම වෘත්තීය සමිති හා සේවක සබඳතා සඳහා සහකාර ලේකම්වරයෙකු බැගින් පත් කිරීමට තීරණය කර තිබේ.

ඒ සඳහා යෝජනාවක් අමාත්‍ය මණ්ඩලය හමුවට ද ඉදිරිපත් වී ඇති අතර ඊට අනුමැතිය ද හිමිව ඇති බවයි වාර්තා වේ.

මෙම නව තනතුර තුළින් කාර්ය මණ්ඩල නියෝජිතයන් පරිපාලන කටයුතු සඳහා සහභාගි කර ගැනීමට සහ අමාත්‍යංශ යටතේ ඇති ආයතනවල වෘත්තීය සමිති සම්බන්ධීකරණ කටයුතු විධිමත් කර ගැනීම අපේක්ෂා කෙරේ.

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නොවන තනතුරක් ලෙස එය ස්ථාපිත කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *