GSP+ බදු සහනය 2023 දක්වා යුරෝපා සංගමයෙන් සහතිකයක්

(කොළඹ, ලංකාපුවත්) –ජීඑස්පී ප්ලස් බදු සහනය 2023 දක්වා ශ්‍රී ලංකාවට හිමි වන බවට යුරෝපා සංගමය සහතික වී තිබේ. කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා සහ යුරෝපා සංගම් නියෝජිතයන් අතර පැවති සාකච්ඡාවකදී එම සංගමයේ නියෝජිත ත්‍රෝර්ස්ටන් බර්ග්ෆෙඩ් මහතා මේ බවට සහතික වී ඇත.

යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා මාලදිවයින් නියෝජිත කණ්ඩායමේ නියෝජ්‍ය සභාපති සහ දේශපාලන, වෙළද හා සන්නිවේදන ප්‍රධානී වන බර්ග්ෆෙඩ් මහතා එහිදී වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ බදු සහනය ලබා දීමට තීරණය කළද 2023 දක්වා යුරෝපා සංගමයේ නිරීක්ෂණ ක්‍රියාවලියේ වෙනසක් නොමැති බවත් යුරෝපා සංගමයේ රටවල ආයෝජකයින් මෙරට ආයෝජනය සඳහා කැමැත්තෙන් සිටින බවත්ය. ඒ අනුව යුරෝපා සංගම් රටවල්වලට ශ්‍රී ලන්කන් ගුවන් සේවා යළි ආරම්භ කරන ලෙසද යුරෝපා සංගම් උප සභාපතිවරයා ප්‍රකාශ කර තිබේ.

කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශයේ ලේකම් මාපා පතිරණ, සංචාරක හා ගුවන් සේවා අමාත්‍යංශයේ ලේකම් මරීනා මොහොමඩ් යනාදීන් සහභාගි වූ සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ අපනයන ආදායමට වසරකට ඇමෙරිකානු ඩොලර් බිලියන 05ක් පමණ එක් කරන ඇගලුම් කර්මාන්තයේ ප්‍රවර්ධනයට යුරෝපා සංගමයේ රටවල් දක්වන සහයෝගය පිළිබඳව රජයේ ස්තුතිය පළ කරන බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *