උතුරේ සැකසුම් කරන ලද කොහු ප්‍රථම වතාවට චීනයට

(කොළඹ, ලංකාපුවත්) – උතුරේ සැකසුම් කරන ලද කොහු ප්‍රථම වතාවට චීනයට අපනයනය කෙරේ. කොහුබත් අමෙරිකාවට අපනයනය කිරීමට පියවර ගෙන ඇත.

මෙම කොහු ප්‍රථමවරය චීනයට අපනයනය කිරීම ඊයේ(20) පස්වරුවේ සිදු කෙරුණි.

උතුරු පළාතේ සෑම ප්‍රදේශයකම ලබාගන්නා පොල්ලෙලි මගින් සැකසුම් කරන ලද කොහු නිෂ්පාදනය කෙරෙන්නේ වවුනියාවේදීය. වවුනියාව ඊරට්ටපෙරියකුලම් ප්‍රදේශයේ එය ස්ථාපනය කර තිබේ.

රාජ්‍ය අනුග්‍රහය මත පෞද්ගලික ව්‍යවසායකයන් දෙදෙනෙකු මෙය ආරම්භ කර ඇත. ඉන් රැකියා අවස්ථා 60 ක් උදාකර තිබේ. ආයෝජනය කර ඇති මුදල රුපියල් මිලියන 20 ක්. මසකට කොහු කෙදි මෙට්‍රික් ටොන් 150 ක් චීනයට යැවෙනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *