කදිරගාමර් ඝාතනයට සම්බන්ධ LTTE සාමාජිකයෙකුට සිර දඬුවමක්

(කොළඹ, ලංකාපුවත්) – හිටපු අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතාගේ ඝාතනය සම්බන්ධ එල්ටීටීඊ සාමාජිකයෙකුට ජර්මනියේ ස්ටුඩ්ගාඩ්හි ප්‍රාදේශීය අධිකරණයක් සිරදඬුවම් නියම කර ඇත. ඒ වසර හයක් සහ මාස 10 කට බලපැවැත්වෙන පරිදිය.

ඝාතනය සඳහා තොරතුරු සම්පාදනය කිරීම ඇතුලු චෝදනා රැසක් ඔහුට එල්ලවී තිබූ බව ජර්මන් ප‍්‍රවෘත්ති වාර්තා සඳහන් කළේය. වරදකරු එල්ටීටීඊ බුද්ධි අංශ සාමාජිකයෙක් බවටත් තොරතුරු හෙළිව තිබේ.

2012 වර්ෂයේ ජර්මනියේ සරණාගතභාවය සදහා ඉල්ලුම් කර ඇති මොහු එල්.ටි.ටි.ඊ. බුද්ධි අංශ සාමාජිකයෙකු බව ද අනාවරණය වී ඇත.

ඔහු විසින් සරණාගතභාවය ලබාදීමට පැවති සම්මුඛ පරීක්ෂණයේදී විත්තිකරු විසින් ලක්ෂ්මන් කදිරගාමර් මහතා ඝාතනය කිරීම සම්බන්ධයෙන් තොරතුරු ලබාදුන් බවට ප්‍රකාශ කර ඇති අතර පසුව එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කර ඇති බව සඳහන්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *