හැරී කැනඩාවට එද්දී මේගන් සුරතලුන් සමග සංචාරයේ

(කොළඹ, ලංකාපුවත්) – සිය අවසන් රාජකීය රාජකාරිය ද අවසන් කළ හැරී කුමරු නව ජීවිතය ඇරඹීම සඳහා වැන්කුවර් වෙත පැමිණෙද්දී මේගන් සිය සිඟිති පුතු සහ සුරතලුන් සමග වැන්කුවර් හි හොර්ත්හිල් උද්‍යානයේ නිදහසේ ඇවිද යනු මෙසේ ඡායාරූප ගත කර තිබිණි.

සති දෙකකට ආසන්න කාලයක් මේගන් හා ආර්චි පුතණුවන් ගෙන් ඈත්ව සිටි හැරී කුමරු කැනඩාවට ගොඩ බැස්සේ බොයිං 747 යානයේ පසුපස පියගැට පෙළෙනි. ඔහු පිළිගැනීමට මේගන් ගුවන්තොටුපොලේ රැඳී සිටි බව වාර්තා නොවේ.

බකිංග්හැම් මාලිගයේ පැවැත්වුණ සහෝදර විලියම් කුමරු ගේ ප්‍රධානත්වයෙන් පළමු වරට පැවැත්වෙන උත්සවය ද හැරී කුමරුට මේ අයුරින් මග හැරිණි. එක්සත් රාජධානය හා අප්‍රිකානු ආයෝජන සමුළුව සඳහා රැජින හෝ චාර්ල්ස් කුමරු සහභාගි නොවන අතර ඒ වෙනුවෙන් පැවැති පිළිගැනීමේ උත්සවය සඳහා සහභාගි වූ විලියම්- කේට් යුවළ සමග එඩ්වඩ් කුමරු, සොෆී කුමරිය, ඈන් කුමරිය විසින් අප්‍රිකානු නියෝජිතයින් 21 දෙනා පිළිගනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *