කොරෝනා වෛරසයෙන් 09ක් මරුට – චීන සංචාරකයින්ට තහනම් නියෝග

(කොළඹ, ලංකාපුවත්) –චීනයේ පැතිර යන කොරෝනා වෛරසය හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් 09 දෙනෙකු මියගොස් ඇත. පුද්ගලයෝ 400 කට වැඩි පිරිසක් ඊට ගොදුරු වී සිටිති.

මෙම රෝගය මුලින්ම වාර්තා වූ චීනයේ වුහාන් නගරයෙන්ය. එම ප්‍රාන්ත වැසියන්ට නගරයෙන් පිටතට යෑමෙන් වැලකී සිටින ලෙස චීන බලධාරීන් උපදෙස් දී ඇත. මිලියන 11ක් පමණ වුහාන් නගරයේ වාසය කරයි.

මේ අතර චීනය, ජපානය, දකුණු කොරියාව, තායිලන්තයට අමතරව අමෙරිකාවෙන් සහ තායිලන්තයෙන් ද නව කොරෝනා වෛරසය වැළදුණු රෝගින් වාර්තා වී තිබෙන බවට එරට මාධ්‍ය වාර්තා කරයි.

මේ හේතුවෙන් සෞඛ්‍ය අංශ පත්ව ඇත්තේ දැඩි අසීරුතාවකටය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two × three =