ජයම්පති වික්‍රමරත්න ඉල්ලා අස්වෙයි

(කොළඹ, ලංකාපුවත්) – එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

පාර්ලිමේන්තුව අද(22) පස්වරුවේ රැස්වූ අවස්ථාවේ දී නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ ජයම්පති වික්‍රමරත්න මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකවරයා වෙත භාර දී ඇති බවය.

ජනාධිපති නීතිඥවරයෙකු ද වන වික්‍රමරත්න මහතා 2015 වසරේ පැවති මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

thirteen + 14 =