ලෝකයේ වේගවත්ම පන්දු යැවීම මතීෂ පතිරණගෙන්

(කොළඹ, ලංකාපුවත්) – දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ලෝක වාර්තාගත පන්දු යැවීමක් සටහන් කිරීමට ශ්‍රී ලංකා යොවුන් පිලේ වේග පන්දු යවන ක්‍රීඩක 17 හැවිරිදි මතීෂ පතිරණ සමත් විය.

ඉන්දීය යොවුන් පිල සමඟ බ්ලූම්ෆොන්ටන් හිදී පැවැති තරගයේදී පැයට කිලෝමීටර් 175ක වේගයකින් පන්දු යවමින් මතීෂ මේ වාර්තාව බිහි කළේය.

ඉන්දීය ඉනිමේ සිවුවැනි ඕවරයේදී පන්දුවට පහර දෙමින් සිටි ඉන්දීය පිතිකරු යෂස්වි ජයිස්වාල් වෙත මේ පන්දු යොමුකිරීමට මතීෂ සමත්වීමත් සමග මෙය ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ මෙතෙක් වාර්තාවූ වේගවත්ම පන්දු බවට පත්විය.

මෙයට පෙර 2003 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී පාකිස්තානයේ හිටපු වේග පන්දු යවන ක්‍රීඩක සොයිබ් අක්තාර් එංගලන්තය සමඟ තරගයේදී පැයට කිලෝමීටර් 161.3ක වේගයකින් යවා තිබූ පන්දුව ලෝක ක්‍රිකට් පිටියේ වේගවත්ම පන්දුව බවට පත්ව තිබිණි.

ශ්‍රී ලංකාවේ සුපිරි වේග පන්දු යවන්නා වන ලසිත් මාලිංගගේ පන්දු යැවීමේ ඉරියව්වට සමාන ඉරියව්වකින් පන්දු යවන මතීෂ මේ තරගාවලියට එක්වීමට පෙර පැයට කිලෝ මීටර් 130ක ආසන්න වේගයකින් පන්දු යවා තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *