හඬපට සිද්ධියට මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටියගේ වැඩ තහනම්

(කොළඹ, ලංකාපුවත්) –හිටපු අමාත්‍ය රන්ජන් රාමනායක සමඟ දුරකතන සංවාද පැවැත්වීම හේතුවෙන් මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටියගේ වැඩ තහනම් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව නියෝග කර තිබේ.

රන්ජන් රාමනායක හිටපු ඇමතිවරයා සමඟ මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය සිදු කළ දුරකථන සංවාද සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිෂන් සභාවේ නිර්දේශ ඇතුළත් වාර්තාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමු කෙරිණි.

අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් යොමු කරනු ලැබූ නිර්දේශ ඇතුලත් වාර්තාව ජනාධිපතිවරයා විසින් පිළිගෙන ඇති අතර ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි මහාධිකරණ විනිසුරු ගිහාන් පිල්පිටියගේ වැඩ තහනම් කිරීමේ නියෝගය ඊයේ (21) කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *