අල්ලස් කොමිසමට නව අධ්‍යක්ෂ ජනරාල් වරයෙක්

(කොළඹ, ලංකාපුවත්) –අල්ලස් කොමිසමේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස අම්පාර මහාධිකරණ විනිසුරු කණිෂ්ක විජේරත්න, ජනාධිපතිතුමා විසින් පත් කර තිබේ.

අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිසමේ සාමාජිකයින්ගේ අනුමැතියට යටත්ව මෙම පත් කිරීම සිදුකර ඇත.

පසුගිය 21 වන දා සිට මෙය බලාත්මක බව එම කොමිෂන් සභාව සඳහන් කළේව.

හිටපු අධ්‍යක්ෂ ජනරාල් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න එම ධුරයෙන් පසුගිය 20 වන දා ඉල්ලා අස් විය.

අනතුරුව ඔහු නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ධුරයට පත් කෙරිණ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *