කිරිපිටි ආනයනය සීමා කිරීමට රජයේ අවධානය

(කොළඹ, ලංකාපුවත්) –කිරිපිටි ආනයනය සීමා කිරීමට ඇති හැකියාව පිළිබඳව සොයා බලා සුදුසු ක්‍රියාමාර්ග කඩිනමින් ගැනීමට කටයුතු කරන බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඊයේ (22) පාර්ලිමේන්තුවේදී පැවසුවාය.

පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා යොමු කළ ප්‍රශ්නයකට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අතුරු ප්‍රශ්නයක් යොමු කළ අවස්ථාවේ ඊට පිළිතුරු ලබා දෙමින් සෞඛ්‍ය අමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.

ජනතාව තුළ දියර කිරි භාවිතය ඉහළ නැංවීම සඳහා වැඩසටහනක් ක්‍රියාත්මක කළ යුතු බව පැවසූ අමාත්‍යවරිය ඊට අදාළ වෙනත් පාර්ශ්ව සමඟ කඩිනමින් සාකච්ජා කරන බවද පැවසුවාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

five × four =