මහපොළ හිඟ මුදල ගෙවීමට සූදානම්

(කොළඹ, ලංකාපුවත්) –මහපොළ ශිෂ්‍යාධාර නියමිත දිනට නොලැබීම පිළිබඳව මෙරට ශිෂ්‍ය ව්‍යාපාරය හඬ නැඟූ බවත් එම හිඟ මුදල ලබා දීම සඳහා ප්‍රතිපාදන අගමැතිවරයා විසින් මහපොළට මේ වනවිටත් ලබා දී ඇති නිසා ඉක්මනින්ම එම මුදල පියවීමට දැන් හැකියාව ලැබී ඇති බවත් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ, උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේය.

ඊයේ (22) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය.

රටේ මූල්‍ය අර්බුදයක් තිබියදී පවා, ඔක්තෝම්බර්, නොවැම්බර් සහ දෙසැම්බර් මාස සඳහා හිඟව තිබෙන රුපියල් මිලියන 425ක මුදල මහපොළ අරමුදල වෙත ලබා දීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කිරීම ගැන තමන් ස්තුතිවන්ත වන බවද අමාත්‍යවරයා මෙහිදී පැවසුවේය.

ඉදිරියේදී සෑම මසකම 15 වැනිදා නියමිත පරිදි මහපොළ ශිෂ්‍යත්ව මුදල ගෙවීමට විධිමත්, ක්‍රමවත් වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බවද අමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *