තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ නීති සංශෝධනයට අවධානය

(කොළඹ, ලංකාපුවත්) –තැපැල් ඡන්දය ප්‍රකාශ කිරිමේ දී පවතින නීති සංශෝධනය කිරිමට ජාතික මැතිවරණය කොමිෂන් සභාවේ අවධානය යොමුව කර ඇත.

එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ රාජ්‍ය සේවයේ නොවන විවිධ අතවශ්‍ය සේවාවල නිරත වෘත්තිකයින් සිදුකර ඇති ඉල්ලීම් සැළකිල්ලට ගනිමින් මේ පිළිබද අවධානය යොමුකර ඇති බවයි.

ඒ අනුව පෞද්ගලික සෞඛ්‍ය අංශවල සේවකයින්, ජනමාධ්‍යවේදීන් ඇතුලු අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර කිහිපයක රැකියාවල නිරතවන්නන් හට තැපැල් ඡන්දය භාවිත කිරිම සදහා අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන් සළකා බැලීමට නියමිත බව සඳහන්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *