වූහාන්හි පොදු ප්‍රවාහන සේවය අත්හිටුවයි

(කොළඹ, ලංකාපුවත්) – චීනයේ වූහාන් නගරයේ පොදු ප්‍රවාහන සේවා තාවකාලිකව අත්හිටුවා තිබේ. මිලියන 09කට ආසන්න ජනගහණයක් වෙසෙන වූහාන් නගරයේ කොරෝනා වෛරසය ශීඝ්‍රයෙන් පැතිරීම පාලනය කිරීමට අදාළ පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

එළැඹෙන චන්ද්‍ර නව අවුරුදු නිවාඩුව සඳහා මිලියන සංඛ්‍යාත චීන ජාතිකයන් විවිධ නගර වෙත ගමන් කරයි. ඒ හේතුවෙන් වෛරසය පැතිරයාමේ අවදානම ඉහළයා හැකි බවට බලධාරීන් අනතුරු අඟවා තිබේ. එබඳු වාතාවරණයක නගරයෙන් පිටතට නොයන ලෙස බලධාරීන් ජනතාවට දැනුම් දී තිබේ. මේ වන විට කොරෝනා වෛරසය ආසාධිත පුද්ගලයින් 500ක් පමණ හඳුනාගෙන ඇති අතර, ඉන් මියගිය පුද්ගලයින් ගණන 17කි.

කෙසේ වෙතත් ජීනීවාහි සාකච්ජාවලින් අනතුරුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි කමිටුව නිවේදනය කර ඇත්තේ වෛරසය සම්බන්ධයෙන් ගෝලීය හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කිරීම තවමත් අත්‍යවශ්‍ය නොවන බවයි. වෛරසය පිළිබඳ තවදුරටත් අධ්‍යයනය කිරීමෙන් අනතුරුව, ඒ සම්බන්ධ තීරණයකට එළැඹෙනු ඇත.

ගෝලීය හදිසි තත්වයක් යනු ලෝක සෞඛ්‍ය සංවිධානයට ඉහළ මට්ටමේ අනතුරු ඇඟවීමක් නිකුත් කිරීමට සිදුවන අවස්ථාවකි. සූකර උණ, සිකා වෛරසය හා ඉබෝලාවලට එවැනි ගෝලීය අනතුරු ඇඟවීම් මින් පෙර නිකුත් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *