ජනපතිගෙන් පොලිසියට උපදෙස්

(කොළඹ, ලංකාපුවත්) – අත්අඩංගුවට ගනු ලබන සියලුදෙනාට සමානව සලකන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දී ඇත.

එසේම කිසිදු බලපෑමකට අවනත නොවන ලෙසද ජනාධිපතිතුමා උපදෙස් ලබා දී තිබේ.

කුමන හේතුවක් නිසා හෝ බාහිර අරමුණු මුල් කරගෙන කවරෙකු හෝ අත්අඩංගුවට නොගත යුතු බවත් ජනාධිපතිතුමා අවධාරණය කරයි.

කිසියම් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම කළයුත්තේ අදාළ වගකීම ඉටුකරන නිලධාරීන්ගේ වෘත්තීය විනිශ්චය අනුවය.

එකී කාර්ය ස්වාධීනව සහ කිසිදුබිය ගැන්වීමකින් හෝ අනුග්‍රහයකින් හෝ තොරව සිදුවන බවට සහතික කරගතයුතු යැයිද වැඩබලන පොලිස්පතිවරයා දැනුවත් කරන ලෙස ජනාධිපතිතුමා, ජනාධිපති ලේකම් ආචාර්ය පි.බී.ජයසුන්දර මහතාට උපදෙස් දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *