බිබිලේ වෙඩි තැබීමක් – කතක් මරුට

(කොළඹ, ලංකාපුවත්) – බිබිල ,කරාඩුගල, පිටකුඹුර ප්‍රදේශයේදී සිදු කල වෙඩි තැබීමකින් කාන්තාවක් මියගොස් තිබේ.

මෙහිදී තවත් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය සදහන් කරයි.

ඊයේ(23) රාත්‍රි 8.30 පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇත.

පොලිසිය සඳහන් කළේ පවුල් ආරවුලක් දුරදිගයාම හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බවයි.

කරාඬුගල පොලිසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *