රන්ජන්ගේ හඬපට සභාගත කර නැහැ – කතානායක

(කොළඹ, ලංකාපුවත්) –මහත් ආන්දෝලනයට ලක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක මහතාගේ හඩ පට මෙතෙක් සභාගත කර නැති බව කතානායක කරු ජයසූරිය මහතා සදහන් කරයි.

ඔහු මේ බව පැවසුවේ අද (24) පෙරවරුවේ පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදීය.

රන්ජන් රාමනායක මහතා විවිධ පුද්ගලයන් සමග දුරකතන සංවාදවල නිරත වෙමින් නීතිය ක්‍රියාත්මක කරන අංශවලට බලපෑම් එල්ලකර ඇති අයුරු එම හඩපටවල දැක්වේ.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් රන්ජන් රාමනායක මහතා කියා සිටියේ අදාළ හඩපට සභාගත කරන බවයි.

එවැනි සභාගත කිරිමක් සිදුව නැති බව නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා ද ඊයේ පාර්ලිමේන්තුවට දැනුම් දෙනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eight + 9 =