ලක් රැකියා හරසර උළෙලේදී ක‍්‍රිස්බ්‍රෝ රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලබයි

(කොළඹ, ලංකාපුවත්) –ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම හා විශාලතම කුකුළු මස් නිෂ්පාදකයා වන ක‍්‍රිස්බ්‍රෝ සමාගම නිපුණතා සංවර්ධන, රැකීරක්ෂා හා කම්කරු සබඳතා අමාත්‍යංශයේ මිනිස්බල සහ රැකියා දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කළ ලක් රැකියා හරසර සම්මාන උළෙලේදී ඇගයීමට පාත‍්‍ර විය. මෙම සම්මාන උළෙල පසුගිය වසරේ දෙසැම්බර් මස අගදී විෂය භාර අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප‍්‍රධානත්වයෙන් බත්තරමුල්ල සුහුරුපාය ශාලා පරිශ‍්‍රයේ පැවැත්වින. විවිධ ක්ෂේත‍්‍රයන් යටතේ රැකීරක්ෂා උත්පාදනය කළ දේශීය සමාගම් මෙහිදී ඇගයීමට ලක් කෙරිණ.

මුළු දිවයිනම ආවරණය වන පරිදි පැවති ලක් රැකියා හරසර සම්මාන උළෙල සඳහා විවිධ කාණ්ඩ යටතේ ශ‍්‍රී ලාංකීය සමාගම් 500කට ආසන්න සංඛ්‍යාවක් අයදුම් කළ අතර එම සමාගම් අතුරින් මහනුවර දිස්ත‍්‍රික්කයේ කෘෂිකාර්මික කාණ්ඩයේ ලෝකඩ සම්මානය දිනා ගැනීමට ක‍්‍රිස්බ්‍රෝ සමත් විය. මෙම සම්මාන උළෙල සඳහා ක‍්‍රිස්බ්‍රෝ සමූහය අයදුම් කළ පළමු අවස්ථාවේදීම ලෝකඩ සම්මානයෙන් පිදුම් ලැබීම විශේෂත්වයකි. එමෙන්ම ක‍්‍රිස්බ්‍රෝ සමූහය ලද ප‍්‍රථම රාජ්‍ය සම්මානය ද මෙය වෙයි.

කෘෂි, කාර්මික, සේවා, ධීවර, වැවිලි, ආදී කාණ්ඩ ගණනාවක් ඔස්සේ දිවයින පුරා ක‍්‍රියාත්මක දේශීය කර්මාන්ත සහ එම කර්මාන්තයන් විසින් සිදුකළ රැුකියා උත්පාදනය ඇගයීමට ලක් කිරීම මෙම සම්මාන උළෙලෙහි අරමුණ වූ අතර රැුකීරක්ෂා හා කම්කරු සබඳතා අමාත්‍යංශයේ මිනිස්බල සහ රැකියා දෙපාර්තමේන්තුව මෙම සම්මාන උළෙල වාර්ෂිකව සංවිධානය කරනු ලබයි. ලක් රැකියා හරසර 2019 සම්මාන උළෙලේ ආරාධිත දේශනය ද කිංඩම් ඔෆ් රයිගම් ව්‍යාපාර සමූහයේ සභාපති ආචාර්ය රවී ලියනගේ විසින් සිදු කරන ලදි. මෙම අවස්ථාවට අමාත්‍යංශ ලේකම් ඇතුළුව සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වූහ.

දෘඩ ඇගයුම් ක‍්‍රියාවලියකින් අනතුරුව සම්මාන සඳහා සමාගම් නිර්දේශ කෙරෙන අතර සම්මාන උළෙලේදී එම සමාගම් ඇගයුමට ලක් කෙරේ. සමාගම් විසින් සිදු කළ රැකියා උත්පාදනය, ආයතනික සමාජ සත්කාරක වැඩසටහන්, නිපුණතා සංවර්ධය, සේවක සුභසාධනය යන ප‍්‍රධාන නිර්ණායකයන් ඔස්සේ සිදු කළ ඇගයීමකින් අනතුරුව කෘෂි අංශයේ ලෝකඩ සම්මානය ක‍්‍රිස්බ්‍රෝ සමුහයට හිමි විය.
ක‍්‍රිස්බ්‍රෝ සමූහය ලද ප‍්‍රථම රාජ්‍ය සම්මානය පිළිබඳව අදහස් දක්වන ක‍්‍රිස්බ්‍රෝ හි සමූහ මානව සම්පත් හා පරිපාලන කළමනාකාර රංජන මහින්දසිරි මහතා ‘‘රැකියා උත්පාදනය, ආයතනික සමාජ වගකීම් සහ සේවක නිපුණතා සංවර්ධනය යන අංශයන් කෙරෙහි ක‍්‍රිස්බ්‍රෝ සමූහයේ ඉහළ අවධානයක් යොමුව ඇති හෙයින් මෙම අංශයන් සවිමත් කිරීම සඳහා සමාගම විශාල අයෝජනයක් සෑම වසරකදීම සිදු කරනවා. ලක් රැකියා හරසර සම්මාන උළෙල තුළදී පළමු වරට ඇගයීමට ලක් වන්නේ මෙම ක්ෂේත‍්‍රයන් තුළ අප විසින් ක‍්‍රියාත්මක කළ එම පුළුල් පිළිවෙත් සමුදායයි’’ යනුවෙන් පැවසීය.

වෙළෙඳපොල ප‍්‍රමුඛයා වීමේ දැඩි අධිෂ්ඨානයෙන් යුතුව වර්ෂ 1972 දී කුකුළු පැටවුන් 100 කින් ඉතා කුඩාවට ඇරඹු ක‍්‍රිස්බ්‍රෝ ආයතනය අද වන විට තත්ත්වයෙන් සහ ගුණාත්මක බවින් යුත් අංක එක කුකුල් මස් නිෂ්පාදකයා වීමට හැකිවී තිබේ. එසේම කුකුළු පරම්පරාවන් අශ‍්‍රිතව ගොවිපළ පවත්වාගෙන යාම, අභිජනන මධ්‍යස්ථාන, බ්‍රොයිලර් ගොවිපළ, සහ කුකුළු ආහාර සැකසුම්. මධ්‍යස්ථාන ද පවත්වාගෙන යමින් මනා කළමනාකාරිත්වයෙන් යුතුව තම ව්‍යාපාරයන්හී නිරත වන ආයතනයක් ලෙස ක‍්‍රිස්බ්‍රෝ හැඳින්විය හැක. විශේෂයෙන් ගොවිපලෙන් කෑම මේසයට (FARM TO FORK) යන සංකල්පය ක‍්‍රිස්බ්‍රෝ හී සාර්ථකත්වයට හේතු වූ තවත් ප‍්‍රධාන කරුණක් ලෙස සැලකිය හැක. ක‍්‍රිස්බ්‍රෝ සමාගම මේ වනවිට සමස්ත ශ‍්‍රී ලාංකිකයන්ටම ප‍්‍රතිලාභ රැසක් උදා කර දී ඇත. එහි කොටස් හිමියන්ට,දේශීය බඩ ඉරිඟු ගොවීන්ට, සෘජුව සහ වක‍්‍රාකාරව රැකියා සපයමින් ශ‍්‍රී ලාංකික රැකියා ක්ෂේත‍්‍රයට, අවසාන වශයෙන් සමස්ත රටටම මෙහි ප‍්‍රතිලාභ උදා කර දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

fifteen + 19 =