සජිත් යළි එජාප නි. නායකත්වයට

(කොළඹ, ලංකාපුවත්) – එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධූරයෙන් ඉල්ලා අස් වූ බව ප්‍රකාශ කර තිබු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යළිත් පක්ෂයේ නියෝජ්‍ය නායකයා ලෙස පත් කිරීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන තනතුරු සඳහා පත්කිරීම් සියල්ලක්ම මේ වනවිට සිදු කර අවසන් අතර පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයට සියලුම සාමාජිකයන් පත් කිරීම ලබන සඳුදා (27) වන විට අවසන් කිරීමට නියමිතය.

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජිකයන් පත් කිරීම පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස, උපනායක රවී කරුණානායක, ජාතික සංවිධායක නවීන් දිසානායක, මහලේකම් අකිල විරාජ් කාරියවසම් යන මහත්වරුන් ඇතුළු උපදේශක මණ්ඩලයේ අනුමැතිය යටතේ සිදු කෙරේ.

පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් පවතින ගැටලු විසඳීම සඳහා ඡන්දයක් නොපවත්වන ලෙසට එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්, හිටපු අමාත්‍යවරුන් සහ පසුපෙළ මන්ත්‍රීවරුන් කළ ඉල්ලීමට අනුව අර්බුදයකින් තොරව එය විසඳාගැනීමට එක්සත් ජාතික පක්ෂය මේ වන විට ක්‍රමවේදයක් සකසමින් සිටිතැයි හිටපු සභානායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

fifteen − 11 =