පාකිස්තාන නාවික ප්‍රධානියා දිවයිනට

(කොළඹ, ලංකාපුවත්) – පාකිස්තානයේ නාවික මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් සාෆර් මහමුද් අබ්බාසි මහතා ශ්‍රී ලංකාවේ සංචාරයක් සදහා හෙට(25) දිවයිනට පැමිණීමට නියමිතය.

ශ්‍රී ලංකා නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ ආරාධනයකට අනුව මෙම සංචාරය සිදුවේ. පාකිස්තාන නාවික ප්‍රධානියා මේ මස 29වනදා දක්වා දිවයිනේ රැදී සිටිනු ඇතැයි පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කරනු ලැබේ.

පාකිස්තාන නාවික මාණ්ඩලික ප්‍රධානියා ශ්‍රී ලංකාවේ රැඳී සිටින කාලය තුළ ශ්‍රී ලංකාවේ නාවික, යුද, ගුවන් හමුදා ප්‍රධානීන් සහ ආරක්ෂක ලේකම්වරයා හමුවනු ඇත. එසේම ඔහු අග්‍රාමාත්‍යවරයා හමුවීමටද නියමිත බව සදහන් වේ.

අද්මිරාල් සාෆර් මහමුද් අබ්බාසි 1979 ජනවාරි 13 වන දින පාකිස්තාන නාවික හමුදාවට බැඳුණු අතර එක්සත් රාජධානියේ ඩාර්ට්මූත් හි බ්‍රිටැනියා රාජකීය නාවික විද්‍යාලයේ මූලික පුහුණුව ලබා ගත්තේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *