USDA නව සභාපති වැඩ භාර ගනියි

(කොළඹ, ලංකාපුවත්) – නිවාස පහසුකම් අමාත්‍යාංශය යටතේ පවතින නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ(USDA) නව සභාපතිවරයා ලෙස රාජා ඒ. ඒදිරිසූරිය මහතා වැඩ භාර ගැනීමේ උත්සවයට අද (24) බත්තරමුල්ල, සෙත්සිරිපාය පළමු අදියර, 09 වන මහලේ පිහිටි එම අධිකාරිය පරිශ්‍රයේදී පැවැත්වුණි.

නව සභාපතිවරයා අද පෙරවරුවේ නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියට පැමිණ ආගමික වතාවත්වල නිරත වීමෙන් අනතුරුව මහා සංඝ රත්නයේ සෙත් පිරිත් සජ්ඤයනා මැද එම ධූරයේ වැඩ භාර ගන්නා ලදි.

රාජා ඒ. එදිරිසූරිය මහතා සිවිල් ඉංජිනේරු විද්‍යාව පිළිබද විශ්ෂ උපාධිදාරියෙකු වන අතර ඔහු කැලිෆෝනියාවේ ලාවර්න් විශ්ව විද්‍යාලයේ රාජ්‍ය පරිපාලනය පිළිබද ශාස්ත්‍රපති උපාධියද ලබා ඇත.

2006 වසරේ ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සභාපති ලෙසත්, 2009 වසරේ මිහින් එයාර්ලයින්ස් ආයතනයේ සභාපති ලෙසත් මෙතුමා කටයුතු කර ඇත.

නව සභාපති රාජා ඒ. එදිරිසූරියමහතා අයතනයේ සේවක සේවිකාවන් අමතා අදහස් දැක්වීමද මෙහෙදි සිදුවිය.

මෙම අවස්ථාවට නිවාස පහසුකම් රාජ්‍ය අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් එස්. කේ. ලියනගේ මහතා ඇතුළුකාර්යමණ්ඩලය සහ නාගරික ජනාවාස සංවර්ධන අධිකාරයේ නිලධාරින්, සේවක සේවිකාවන් විශාල පිරිසක් සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

8 − seven =