පැසිපන්දු ක්‍රීඩක කෝබේ සහ දියණිය ජිවිතක්ෂයට

(කොළඹ, ලංකාපුවත්) – හෙලිකොප්ටර් යානා අනතුරකින් අමෙරිකානු ජාතික පැසිපන්දු ක්‍රීඩකයෙක් වන කෝබේ බ්‍රයන්ට් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙම අනතුරින් යානයේ ගමන් ගත් පුද්ගලයන් නවදෙනාම මරණයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අනතුරෙන් මියයන විට කෝබේ බ්‍රයන්ට් 41 වන වියේ පසු වූ අතර එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ කැලබාසස් හි දී මෙම අනතුර සිදුව ඇති බව සදහන් වේ.

කෝබි බ්‍රයන්ට් 13 හැවිරිදි තම දියණිය සහභාගිවීමට නියමිතව තිබූ බාස්කට් බෝල් තරඟයකට සහභාගිවීමට යන අතරතුර මෙම අනතුර සිදුව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන ආකාරයට අනතුර සිදුවන අවස්ථාවේ බ්‍රයන්ට්ගේ දියණිය සහ බේස් බෝල් පුහුණුකරුවෙකු වන ජෝන් අල්ටොබෙලි, ඔහුගේ බිරිඳ සහ දියණිය වන ජියානා එම යානයේ සිට ඇත.

මියගිය කෝබේ බ්‍රයන්ට් ශ්‍රේෂ්ඨ පැසිපන්දු ක්‍රීඩකයෙක් ලෙස ක්‍රීඩා ඉතිහාසයට එක්ව සිටියි. ඔහු පස්වතාවක්ම ජාතික පැසිපන්දු ශූරතාවය හිමිකරගෙන තිබේ.

කැලිෆෝනියා බලධාරීන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *