සමස්ත අධිකරණ ක්‍රියාවලිය ඩිජිටල්කරණය කිරීමේ ව්‍යාපෘතියක්

(කොළඹ, ලංකාපුවත්) –බිද වැටී විනාශ වී ගිය අධිකරණය පිළිබදව වු ජනතා විශ්වාශය යළි ඇති කිරීමේ වගකීම වත්මන් රජයට තිබෙන බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

එසේම නවීණ ලෝකය හා තාක්ෂණය සමග අධිකරණයත් ඉදිරියට යා යුතු බවත් ඒ සදහා නිර්මාණශීලි වැඩ අධිකරණ පද්ධතිය තුළ සිදු කළ යුතු බවත් සමස්ත අධිකරණ ක්‍රියාවලිය ඩිජිටල්කරණය කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන බවත් ඇමතිවරයා කියා සිටියේය.

රුපියල් මිලියන 267 ක වියදමින් ඉදි කිරීමට නියමිත මහනුවර තෙල්දෙණිය අධිකරණ ගොඩනැගිල්ල සදහා මුල්ගල් තැබීමේ අවස්ථාවට අද(27) පෙරවරුවේ එක්වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය.

එහිදී තවදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.

අධිකරණයේ පිහිට පතා ගෙන පැමිණෙන ජනතාවට අවශ්‍ය පහසුකම් ලබා දිය යුතුයි අපි හැම අවස්ථාවකම හිතන්නේ විනිසුරුවරුන්ගේ නීතිඥයින්ගේ පහසුකම් පිළිබදව විතරයි අපි ඊටත් වඩා මහ ජනතාවට අවශ්‍ය පහසුකම් ලබාදීමට කටයුතු කළ යුතුයි.

සමාජ සාධාරණත්වය පිළිබදව අපි විශේෂ අවධානයක් යොමු කළ යුතුව පවතිනවා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ රජය යටතේ සමාජ සාධාරණත්වයට ප්‍රමුඛතාවය ලබා දිය යුතුයි. අද වන විට අධිකරණ පද්ධතිය පිළිබදව ජනතා විශ්වාසය බිද වැටිලා තියෙනවා විනාශ වී ගිය අධිකරණය පිළිබදව වු විශ්වාශය යළි ඇති කිරීමේ ක්‍රියාවලිය වගකීම මේ රජයට තිබෙනවා ඒ සදහා විනිසුරුතුමන්ලා නීතිඥවරුන් පෙරමුණ ගත යුතු බවද අමාත්‍යවරයා පැවසීය.

“අපේ උසාවි ක්‍රමය ඉතා සංකීර්ණයි ඉතා පැරණියි අලුත් දේවල් නැහැ. අධිකරණ භූමිය තුළ නඩු භාණ්ඩ ගොඩ ගැහිලා ඒවාට සිදු කළ යුතු දේ පිළිබදව අවශ්‍ය නිර්දේශ අධිකරණ සේවා කොමිෂන් සභාව නිකුත් කර තිබෙනවා. ඒ තුළින් අධිකරණ භූමිය තුළ දිරාපත් වන නඩු භාණ්ඩ ඡායාරූප කරලා අවශ්‍ය කටයුතු සිදු කළ යුතුයි. නමුත් අධිකරණ සදහා අවශ්‍ය කැමරා ඒ සදහා තිබුණේ නැහැ දැන් ඊට විසදුම් වශයෙන් කැමරා 100 ක් ගෙන්වා අධිකරණවලට ලබාදීමට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා. සමස්ත අධිකරණ ක්‍රියාවලියට ඩිජිටල්කරණය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරනවා අධිකරණ ක්ෂේත්‍රය සාර්ථකව ඉදිරියට යන්න නවීණ තාක්ෂණය අවශ්‍යයි.“ යනුවෙන් ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

5 × 2 =