ඉන්දීය ජනරජ දිනයට ජනපතිගෙන් සුබ පැතුම්

(කොළඹ, ලංකාපුවත්) –ඊයේ (26) දිනයට යෙදී තිබුණු 71 වන ඉන්දීය ජනරජ දිනය වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය සුබපැතුම් එක්කර තිබේ.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අද්විතීය සම්බන්ධතාවක් පවතින බවත්, එය දිනෙන් දින ශක්තිමත් වෙමින් පවතින බවත් ජනපතිවරයා සිය නිවේදනයෙන් දක්වා ඇත.

ඉදිරියටත් දෙරට අතර සබඳතා වර්ධනය වනු ඇති බවට තමන් බලාපොරොත්තු වන බව ජනාධිපතිවරයා එක්කළ සුබපැතුම් නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *