නිදහස් දින සැමරුම හේතුවෙන් කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්

(කොළඹ, ලංකාපුවත්) –72 වන නිදහස් දින සැමරුම් උත්සවය වෙනුවෙන් කොළඹ ප්‍රදේශයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරනු ඇත.

මෙවර නිදහස් දිනය පෙබරවාරි මස 04 වන දින නිදහස් චතුරස්‍රයේ දී පැවැත් වීමට නියමිතය.

ඒ අනුව නිදහස් උත්සව දින හා පෙරහුරු පැවැත්වෙන දිනවල මාර්ග වසා තැබීම හා ගමනා ගමනය සීමා කිරීම සඳහා මෙම සැලැස්ම ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇත.

ඒ අනුව නිදහස් උත්සව දින හා පෙරහුරු පැවැත්වෙන දිනවල මාර්ග වසා තැබීම හා ගමනා ගමනය සීමා කිරීම සඳහා මෙම සැලැස්ම ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇතැයි පොලිස් මූලස්ථානය සදහන් කරනු ලැබේ.

ඒ අනුව අදාළ රථවාහන සැලැස්මට අනුව එක් එක් දිනයන් හි මාර්ග වසා තබන හා ගමනා ගමනය සීමා කරන ස්ථාන සහ විකල්ප මාර්ග පහතින් දැක්ටව්

1) 2020.01.31 දින උදෑසන 08.30 සිට මධ්‍යහන 01.00 දක්වා

2) 2020.02.01 දින උදෑසන 06.00 සිට මධ්‍යහන 12.00 දක්වා

3) 2020.02.02 දින උදෑසන 06.00 සිට මධ්‍යහන 01.00 දක්වා

4) 2020.02.03 දින උදෑසන 08.30 සිට මධ්‍යහන 01.00 දක්වා

5) 2020.02.04 දින (නිදහස් සමරු උළෙල පැවැත්වෙන දින අළුයම 04.00 සිට මධ්‍යහන 01.00 දක්වා)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *