රාජිතගෙන් CIDය ප්‍රකාශයක් ලබා ගනියි

(කොළඹ, ලංකාපුවත්) – පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහකා ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ.

අද(27) පෙරවරුවේ මන්ත්‍රීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි මෙලෙස ප්‍රකාශයක් ලබා දී ඇති බව වාර්තා වේ.

ඒ ආන්දෝලනාත්මක සුදු වෑන් මාධ්‍ය සාකච්ඡා සිද්ධිය සම්බන්ධයෙනි.

සුදුවෑන් වලින් පුද්ගලයින් පැහැර ගැනීමක් සිදුවූ බවට පදනම් විරහිත කරුණු මාධ්‍ය හමුවකදී ඉදිරිපත් කිරීමේ සිද්ධියට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාට චෝදනා එල්ල වී තිබේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඔහු මේ වන විට පසුවන්නේ ඇප මතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *