සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා විශේෂ චක්‍රලේඛයක්

(කොළඹ, ලංකාපුවත්) – කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් විශේෂ උපදෙස් මාලාවක් සහිත තාක්ෂණික චක්‍රලේඛයක් නිකුත් කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

ගුවන් තොටුපළට අනුයුක්ත කර ඇති විශේෂ වෛද්‍ය කණ්ඩායම, සෞඛ්‍ය නිළධාරීන් මෙන්ම සියලු රෝහල් කාර්ය මණ්ඩල මුව ආවරණ, අත්වැසුම් සහ හිස් ආවරණ පැළඳීම ඒ යටතේ අනිවාර්ය කර ඇත.

මෙම සමස්ත උපදෙස් මාලාව පිටු 4 කින් සමන්විතයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව සඳහන් කළේ නව කොරෝනා වෛරසය පාලනයට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය හමුවට එක්වමින්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *