විගමණික ශ්‍රමිකයින්ගේ දූ දරුවන් සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීමට අයදුම්පත් කැඳවයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ රැකියාවල යොමුවන ශ්‍රමිකයින්ගේ දරුවන් සඳහා කාර්යාංශය මගින් වාර්ෂිකව පිරිනමනු ලබන ශිෂ්‍යත්ව ලබාදීම සඳහා 2020 වර්ෂය වෙනුවෙන් අයදුම්පත් කැඳවා ඇත.

මෙහිදී පහ වසර ශිෂ්‍යත්ව විභාගය සමත්, අ.පො.ස (සාමාන්‍ය පෙළ) සමත් හා අ.පො.ස (උසස් පෙළ) සමත් දරුවන් තවදුරටත් දිරිගැන්වීම සඳහා මූල්‍යමය ශිෂ්‍යාධාර කාර්යාංශය මගින් පිරිනමනු ලබයි. මේ පිළිබඳව වැඩි විස්තර හා අයදුම්පත www.slbfe.lk යන කාර්යාංශ වෙබ් අඩවිය හරහා ලබාගත හැකි අතර, අයදුම්පත් යොමුකළ යුතු අවසන් දිනය 2020.04.30 වේ.

කාර්යාංශයේ ලියාපදිංචි වී රැකියා සඳහා විදේශ ගතවන ශ්‍රමිකයින්ගේ අධ්‍යාපනය ලබන දරුවන් දිරිමත් කිරීමේ අරමුණෙන් 1996 වර්ෂයේදී මෙම වැඩසටහන ආරම්භ කරන ලද අතර, එතැන් සිට වාර්ෂිකව මේ දක්වා දරුවන් 44832 දෙනෙකු සඳහා රු. 897,425,000.00 ක ශිෂ්‍යාධාර කාර්යාංශය විසින් ප්‍රදානය කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *