කොරෝනා වෛරසයට වෙන්වූ පළමු රෝහල විවෘත වෙයි

(කොළඹ, ලංකාපුවත්) – චීනයේ කොරෝනා වෛරසයට ගොදුරුවූ රෝගීන් වෙනුවෙන් ඉදිකළ පළමු රෝහල අද(29) විවෘත කර ඇත.

නව කොරෝනා වෛරසය පළමුවෙන්ම වාර්තා වූ වුහාන් නගරයට ආසන්නයෙන් පිහිටි Huangzhou දිස්ත්‍රික්කයේ පිහිටි මෙම රෝහල තුල රෝගීන් දහසකට ප්‍රතිකාර කිරිමට හැකි බව චීන බලධාරින් පවසයි.

Huangzhou දිස්ත්‍රික්කයේ පිහිටා තිබෙන Huanggang මධ්‍යම රෝහල වෙනුවෙන් මෙම ගොඩනැගිල්ල ඉදි කොට තිබු අතර එය ලබන මැයි මාසයේදී විවෘත කිරිමට නියමිතව තිබුණි.

නව කොරෝනා වෛරසය සිඝ්‍රයෙන් පැතිරි යාමත් සමග රෝගීන් වෙනුවෙන් ප්‍රතිකාර කිරිමට ඉඩකඩ ඇති රෝහලක් අලුතින් සැකසීමට චීන බලධාරීන්ට සිදුවිය. මෙම රෝහල සැකසීම සඳහා ඔවුන්ට ගතව තිබුනේ පැය 48 කට ආසන්න කාලයකි.

ඒ අනුව ස්වේච්ජා සේවකයින්, කොන්ත්‍රාත් සමාගම් සේවකයින්, ආරක්ෂක අංශ ඇතුළු පුද්ගලයින් 500 දෙනෙකුගේ ශ්‍රම දායකත්වයෙන් මෙම රෝහලේ සියලු වැඩකටයුතු දින 02ක් තුලදී අවසන් කිරිමට හැකිවූ බව ප්‍රාන්ත රජය ප්‍රකාශ කර ඇත. රෝහලට අවශ්‍ය අන්තර්ජාල පහසුකම්, රෝගීන්ට අවශ්‍ය ඇඳන්, ජලය, විදුලිය ඇතුළු අංග සම්පුර්ණ රෝහලක් බවට පත් කිරිමට මෙම පිරිසට හැකියාව ලැබි තිබුණි.

එසේම මෙම රෝහල වෙත වයිරසය ආසාදනය වු රෝගීන් කණ්ඩායමක් ඇතුලත් කර ඇතැයි ද වාර්තාවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

three × five =