චීන තානාපති කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්

(කොළඹ, ලංකාපුවත්) –නව කොරොනා වෛරසය පැතිර පවතින ප්‍රදේශවල සිට මෙරටට පැමිණීමට අදහස් කරන චීන ජාතිකයන් හට එම සංචාර අවලංගු කිරීමට හෝ කල්දැමීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකාවේ පිහිටි චීන තානාපති කාර්යාලය දැනුම් දී තිබේ.

මෙලෙස චීන තානාපති කාර්යාලයේ අවධානයට ලක් වූ ප්‍රදේශ අතර පසුගියදා කොරොනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ කාන්තාව පැමිණි හුබෙයි ප්‍රදේශයද ඇතුලත් වේ.

චීන ජාතිකයන් හට ගුවන්තොටුපළට පැමිණෙන අවස්ථාවේදී ලබා දෙන ‘ඔන් අරයිවල්’ ක්‍රමයේ වීසා නිකුත් කිරීමද තාවකාලිකව අත්හිටුවීමට ඊයේ (28) ශ්‍රී ලංකා රජය තීරණයක් ගෙන තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

18 − fifteen =