කොරෝනා ආසාධිතයින් බවට සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කරන ප්‍රචාරයන්ට නොරැවටෙන්න

(කොළඹ, ලංකාපුවත්) – කොරෝනා වෛසරය සම්බන්ධයයෙන් සාමාජ මාධ්‍ය ඔස්සේ සිදු කරන අසත්‍ය ප්‍රචාරයන්ට නොරැවටෙන ලෙස රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරනු ලැබේ.

වෛරසය සම්බන්ධයෙන් යම් ආසාධිත පුද්ගලයෙකු කුමන හෝ ස්ථානයකින් හඳුනා ගතහොත් ඒ පිළිබඳ තොරතුරු නිල වශයෙන් රජයේ සෞඛ්‍ය බලධාරීන් විසින් මාධ්‍ය ඔස්සේ මහජනතාව දැනුවත් කිරීමට කටයුතු කරනු ඇති බවත් නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරනු ලැබේ.

වෙනත් රෝගාබාධවලට ලක්වූ පුද්ගලයින්ගේ ඡායාරූප පල කරමින් ඔවුන් කොරෝනා අසාදිතයින් බවට සාමාජ මාධ්‍යවල ඇතැමුන් හුවාදක්වන බවත්, එමෙන්ම දිවයිනේ විවිධ රෝහල්වලට මෙවැනි රෝගීන් ඇතුළත් කර ඇති බවට වන සාවද්‍ය ප්‍රචාරයන් විශ්වාස නොකරන ලෙසත් අදාළ නිවේදනයේ වැඩිදුරටත් සදහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *