ලෝක වෙළඳපලේ රන් මිල ඉහළට

(කොළඹ, ලංකාපුවත්) – මාරාන්තික නව කොරෝනා වෛරසය චීනයෙන් පිටතට ව්‍යාප්ත වීමත් සමග ලෝක වෙළඳපලේ රන් මිල ඉහළ ගිය බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

මෙහිදී අවදානම් කොටස් වෙළඳපලට මුදල් යෙදවීමට වඩා රත්‍රන් මිලදීගැනීම කෙරෙහි ආයෝජකයන් පෙළඹී සිටින බව ඔවුන්ගේ මතයයි.

ඒ අනුව ලෝක වෙළඳපලේ රන් අවුන්සයක මිල පසුගිය සඳුදා වාර්තා වූයේ ඇමරිකානු ඩොලර් 1582 යි ශත 2 ක් වශයෙනි. එය 2013 වසරින් පසු වාර්තා වූ ඉහළම මිල වශයෙන් සැලකේ.

මේ අතර රිදී අවුන්සයක මිලද ඩොලර් 18 යි ශත 2 ක් දක්වා වැඩි වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *