කෘෂිකර්ම අමාත්‍යංශය, ගොවිජන මන්දිරයට

(කොළඹ, ලංකාපුවත්) –කෘෂිකර්ම අමාත්‍යංශය බත්තරමුල්ලේ පිහිටි ගොවිජන මන්දිරයට යළි රැගෙන යාම අද(31) සිදුවිය.

අමාත්‍යාංශයේ නිල කටයුතු අද පෙරවරුවේ ගොවිජන මන්දිරයේදී ආරම්භ විය.

අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සහ රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා එම අවස්ථාවට එක්ව තිබේ.

රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා මීට පෙර තම කාර්යාලය ගොවිජන මන්දිරය වෙත රැගෙන ගොස් තිබුණි.

පසුගිය රජය සමයේ එම අමාත්‍යාංශය බත්තරමුල්ල ප්‍රදේශයේ පිහිටි පුද්ගලික ගොඩනැඟිල්ලක පවත්වාගෙන යෑම හේතුවෙන් රජයට රුපියල් කෝටි ගණනක බදු මුදලක් ගෙවීමට සිදුව තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *