චීන කාන්තාවගේ සැමියාට කොරෝනා ආසාදනය වී නැහැ

(කොළඹ, ලංකාපුවත්) – කොරෝනා වෛරසය ආසාදනය වූ මෙරට සිටින චීන කාන්තාවගේ සැමියාට එය ආසාදනය වී නොමැති බව ජාතික බෝවන රෝග විද්‍යායතනයේ කායික විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසයි.

ඇය දැනට සුවය ලබමින් සිටියි. ඊට අමතරව ශ්‍රී ලංකාවෙන් කිසිදු වෛරසය ආසාදනය වූ රෝගියෙකු හමුව නොමැති බව වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා කියා සිටියේය.

එසේම සියලුම සැක කළ රෝගීන්ගේ වාර්තා තුළින් තහවුරු වී ඇත්තේ කොරෝනා වෛරසය නොමැති බවය. එබැවින් අනවශ්‍ය බියක් ඇති කර ගත යුතු නැතැයි වෛද්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

four × 1 =