සෞඛ්‍ය ව්‍යාපෘති ප්‍රගතිය බැලීමට ලෝක බැංකු ප්‍රධානියෙක් ශ්‍රී ලංකාවට

(කොළඹ, ලංකාපුවත්) – ලෝක බැංකුවේ ණය සහන මත ඇමරිකානු ඩොලර් මිලියන 200ක වියදමින් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ක්‍රියාත්මක කරන ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ ව්‍යාපෘතියේ ප්‍රගතිය සොයා බැලීම සඳහා ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපය භාර උප සභාපති හැඩිවික් ෂැපර් මහතා අද (31) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

ඒ මහතා පෙබරවාරි 01 වැනි දින මධ්‍යම පළාතේ සියලුම සෞඛ්‍ය බලධාරීන් හමුවීමට නියමිත බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය බලගැන්වීමේ ව්‍යාපෘති අධ්‍යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා පවසයි.

මෙහිදී හැඩිවික් ෂැපර් මහතා එම ව්‍යාපෘතියේ ඉදිරි වැඩසටහන් සඳහා වන සැළසුම් සමාලෝචනය කරනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *