ප්‍රමිතියෙන් තොරව ගෙන් වූ මුහුණු ආවරණ 34000 ක් අල්ලයි

(කොළඹ, ලංකාපුවත්) –ඉන්දියාවෙන් සහ චීනයෙන් ශ්‍රී ලංකාවටආනයනය කෙරුණු ප්‍රමිතියෙන් තොර මුහුණු ආවරණ 34000 ක් පාරිභෝගික අධිකාරිය මගින් පිටකොටුවේ දී අත්අඩංගුවට ගෙන ඇත.

මෙහිදී ඉන්දියාවේ සිට මෙරටට ගෙන ආ ප්‍රමිතියෙන් තොර මුඛ ආවරණ විසිදහසකට ආසන්න ප්‍රමාණයක් පාරිභෝගික සේවා අධිකාරිය විසින් සිය බාරයට ගෙන තිබේ.

එම මුඛ ආවරණ පිටකොටුවේ වෙළඳසැල් හරහා අලෙවි කිරිමට සුදානම් කර තිබියදි ඊයේ පස්වරුවේ සොයාගෙන ඇතැයි සදහන්වේ.

එම අධිකාරිය පැවසුවේ මෙම මුඛ ආවරණ ඉන්දියාවේ සිට රැගෙන ආ පුද්ගලයින්ට බලපත්‍රද නොමැති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *