ජනපති ගෝඨාභය ට්විටර් පණිවුඩයකින් චීන රජයටසහය දුන් සැමට තුති පුදයි

(කොළඹ, ලංකාපුවත්) –වුහාන් නගරයේ කොටු වී සිටි ශී‍්‍ර ලාංකික සිසුන් දිවයිනට ගෙන්වා ගැනීමට පූර්ණ සහාය පළ කළ චීන රජයට ස්තූතිය පුද කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය නිල ට්විටර් ගිණුම ඔස්සේ සටහනක් තබමින් ප්‍රකාශ කැර ඇත.

එමෙන් ම අවදානමක් ගනිමින් මෙම සිසුන් පිරිස දිවයිනට රැගෙන ඒමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ කාර්ය මණ්ඩලයටත් ජනාධිපතිවරයා ස්තූතිය පළ කැර ඇත.

මෙලෙස රැගෙන ආ ශ්‍රී ලාංකික සිසුන් සඳහා පැය 72 ක් තුළ දියතලාවේ දී නේවාසික පහසුකම් සැපයූ යුද හමුදාවට මෙන්ම එම කටයුතු සම්බන්ධීකරණය කළ ඇමැතිවරුන් ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීන්ටත් සිය ප්‍රණාමය පුද කරන බව ද ජනාධිපතිවරයා සිය ට්විටර් ගිණුමේ සඳහන් කැර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *