නුවරඑළිය නගරය ආශ්‍රිතව අක්‍රමණශීලි ශාක ඉවත් කිරීමේ ශ්‍රමදානයක්

(කොළඹ, ලංකාපුවත්) –හැත්තෑ දෙවන නිදහස් දිනයට සමගාමීව නුවරඑළිය නගරය ආශ්‍රිතව අක්‍රමන ශීලි ශාක ඉවත් කිරීමේ ශ්‍රමදාන වැඩ සටහනක් අද (03) නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් එම්.බි.ආර්. පුෂ්පකුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීනි.

නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මෙහය වීමෙන් සංවිධානය කළ මෙම ශ්‍රමදාන වැඩ සටහාන සඳහා නුවරඑළිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලය, මහ නගර සභාව, යුධ හමුදාව, යොවුන් සේනාංකය ඇතුළු රාජ්‍ය ආයතන රැසක නිලධාරින් එක්ව සිටිහ.

මෙම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම්වරුන් වන පි.ඒ. සරත් චන්ද්‍ර, අමිල නවරත්න, නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් විදුර සම්පත්, නුවරඑළිය නාගරික කොමසාරිස් සුජිවා බෝධිමාන්න යන මහත්ම මහත්මින් ඇතුළු නිලධාරින් රැසක් සහභාගි වුහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *