ශ්‍රීලන්කන් එයාර් බස් ගනු-දෙනුවේ අක්‍රමිකතා සොයා විමර්ශන

(කොළඹ, ලංකාපුවත්) – ගුවන් යානා මිලට ගැනීම සඳහා ශ්‍රීලන්කන් ගුවන් සේවය සහ එයාර් බස් සමාගම අතර වූ ගනුදෙනුවේ දී සිදු විනැයි කියන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් පරිපූර්ණ විමර්ශනයක් කරන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලධාරීන්ට නියෝග කැර තිබේ.

ජාතික ගුවන් සේවය ගුවන් යානා නිෂ්පාදනයේ නිරත එයාර් බස් ඉන්ඩස්ට්‍රීස් සමාගම සමඟ කළ ගනුදෙනුවේ දී ඇතැම් පුද්ගලයන් කළ බව කියන මූල්‍ය වංචා පිළිබඳ තොරතුරු ඇතුළත් වාර්තා සති අන්ත ඉංග්‍රීසි පුවත්පතක සහ අන්තර්ජාල වෙබ් අඩවි කිහිපයක පළව තිබිණ.

මේ චෝදනා පිළිබඳව සෑම පැතිකඩක්ම ආවරණය වන පරිදි වහාම පූර්ණ පරීක්ෂණයක් කොට ප්‍රතිඵල තමා වෙත දැනුම් දෙන්නැයි මාධ්‍ය වාර්තා දුටු ජනාධිපතිතුමා නියෝග කැර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *