ක‍්‍රිස්බ්‍රෝ ප‍්‍රවාහන සේවා සමුළුව සහ සේවක ඇගයීම් උළෙල උත්කර්ෂවත් අන්දමින්

(කොළඹ, ලංකාපුවත්) – ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම හා විශාලතම කුකුළු මස් නිෂ්පාදකයා වන ක‍්‍රිස්බ්‍රෝ සමාගම, සිය සමස්ත ප‍්‍රවාහන බලකායේ කාර්යසාධනය පසුගියදා ඇගයීමට ලක් කළේය.

සමාගමේ ව්‍යාපාරික මධ්‍යස්ථාන 17 ම ආවරණය වන පරිදි සේවයෙහි යෙදී සිටින ප‍්‍රවාහන කාර්ය මණඩල සේවකයින් අතුරින් ඉහළ කාර්ය සාධනයක් සහිත සේවකයින්ට මෙහිදී මුදල් ත්‍යාග ප‍්‍රධානය කෙරිණ. ක‍්‍රිස්බ්‍රෝ ප‍්‍රවාහන සේවා සමුළුව සහ ඇගයීම් උළෙල සමූහයේ සභාපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් ගම්පොළ ලෝටස් මහල් හෝටලයේදී පසුගියදා පැවැත්වින.

විවිධ නිර්ණායකයන් යටතේ තෝරා ගනු ලැබූ ප‍්‍රශස්ත කාර්යසාධනයක් පෙන්නුම් කළ ප‍්‍රවාහන සේවා අංශයේ සේවකයින් 39දෙනෙකු සඳහා මුදල් ත්‍යාග පිරිනැමූ අතර සමුළුව සඳහා ක‍්‍රිස්බ්‍රෝ ප‍්‍රවාහන සේවා අංශය නියෝජනය කරමින් 120 දෙනෙකු මේ සඳහා සහභාගී වූහ. මීට අමතරව ප‍්‍රවාහන සේවා සහායක අංශයේ සේවකයින්ද මෙහිදී ඇගයීමට ලක් වූහ. සෑම වසරකදීම 2වරක් ක‍්‍රිස්බ්‍රෝ ප‍්‍රවාහන සහ සහායක සේවා අංශයේ කාර්යසාධනය ඇගයීම සඳහා ක‍්‍රිස්බ්‍රෝ ප‍්‍රවාහන සේවා සමුළුව පැවැත්වෙන අතර ඔවුන්ගේ දැනුම වර්ධනය කිරීම ද මෙහිදී සිදු කෙරේ.

ක‍්‍රිස්බ්‍රෝ ප‍්‍රවාහන සේවා සමුළුව සහ ඇගයීම් උළෙල පිළිබඳව අදහස් දක්වන ක‍්‍රිස්බ්‍රෝ හි සමූහ මානව සම්පත් හා පරිපාලන කළමනාකාර රංජන මහින්ද සිරි මහතා ‘‘ අර්ධ වාර්ෂිකව පවත්වනු ලබන මෙම සමුළුව මගින් සේවක අභිපේ‍්‍රරණය මෙන්ම දැනුම වර්ධනය කිරීමට විවිධ ක‍්‍රියාකාරකම් ක‍්‍රිස්බ්‍රෝ මානව සම්පත් අංශය මගින් සංවිධානය කරනවා. මේ සියලූ වැඩසටහන් හි මූලික හරය වන්නේ සතුටින් වැඩකිරිමේ පරිසරය තමන්ගේ සේවා පරිශ‍්‍රයන් තුළ වර්ධනය කිරීමයි. සේවකයින් තෘප්තිමත් නම් ඔවුන්ගේ කාර්යක්‍ෂමතාව වඩාත් ප‍්‍රශස්ත ලෙසින් සමාගමේ වර්ධනයට දායක කර ගත හැකියි’’යනුවෙන් පැවසීය.

ක‍්‍රිස්බ්‍රෝ ප‍්‍රවාහන සේවා සමුළුව සහ ඇගයීම් උළෙලට සමගාමීව මෝටර් රථ පිළිබඳව සේවක දැනුම වර්ධනය කිරීමේ අරමුණෙන් විශේෂ දේශනයක් සංවිධානය වූ අතර මේ සඳහා ටොයොටා ලංකා සමාගම සිය සම්පත් දායකත්වය ලබා දෙන ලදි. මෙහිදී මෝටර් රථයේ බැටරි, ටයර්, එන්ජින් දෝෂ හඳුනාගැනීම, ගියර් පද්ධතියේ දෝෂ හඳුනාගැනීම ආදී කරුණු ගණනාවක් පිලිබඳව ප‍්‍රවාහන සේවකයින්ගේ අවධානය යොමු කරවීය.

මීට අමතරව ගම්පොළ පොලිස් ස්ථානයේ රථවාහන පොලිස් අංශයේ ස්ථානාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් වි‍ශේෂ දේශනයක් සංවිධානය වූ අතර එහිදී වීනීත රියදුරකු සතු සමාජ වගකීම සහ මාර්ග නීති පිළිපැදීමේ ඇති වැදගත් පිලිබඳව ක‍්‍රිස්බ්‍රෝ ප‍්‍රවාහන සේවකයින් දැනුම්වත් කරන ලදි.

වෙළෙඳපොල ප‍්‍රමුඛයා වීමේ දැඩි අධිෂ්ඨානයෙන් යුතුව වර්ෂ 1972 දී කුකුළු පැටවුන් 100 කින් ඉතා කුඩාවට ඇරඹු ක‍්‍රිස්බ්‍රෝ ආයතනය අද වන විට තත්ත්වයෙන් සහ ගුණාත්මක බවින් යුත් අංක එක කුකුල් මස් නිෂ්පාදකයා වීමට හැකිවී තිබේ. එසේම කුකුළු පරම්පරාවන් අශ‍්‍රිතව ගොවිපළ පවත්වාගෙන යාම, අභිජනන මධ්‍යස්ථාන, බ්‍රොයිලර් ගොවිපළ, සහ කුකුළු ආහාර සැකසුම්. මධ්‍යස්ථාන ද පවත්වාගෙන යමින් මනා කළමනාකාරිත්වයෙන් යුතුව තම ව්‍යාපාරයන්හී නිරත වන ආයතනයක් ලෙස ක‍්‍රිස්බ්‍රෝ හැඳින්විය හැක.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

19 − 9 =